කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනයේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.

තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරග නීතිරීති අනුව බව ද ඇය කල ප්‍රකාශයේ සඳහන් වේ.

පුෂ්පිකා ද සිල්වා තරගයට සහභාගි වීමට හැකියාව ඇතත් ඇය දික්කසාද වූ අයෙක් නිසා විවාහක රූ රැජිණ කිරුළ දැරීමට අවස්ථාවක් නැතැයි ද ජූරි සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තරඟයේ සංවිධායකයා වන චන්දිමාල් ජයසිංහ අවස්ථා ගණනාවක දී තරගය වෙනස්කම් කළ බවත් එයට ද තමා විරෝධය දක්වා වූ බවත් ඇය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී යලි වතාවක් විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා සිල්වා මහත්මිය පළඳවීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28