කැන්ගරුවන්ගෙන් කිවියන්ට දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රලියාව අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රලියාව පන්දුවාර 49යි පන්දු 02ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 388ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

සාර්ථක ආරම්භයක් ඕස්ට්‍රලියාවට ලබාදුන් ආරම්භක පිතිකරුවන්වන ඩේවිඩ් වෝනර් ලකුණු 81ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අමතරව වේගවත් ඉනිම් දෙකක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 41ක් සහ නායක පැට් කමින්ස් ලකුණු 37ක් ඕස්ට්‍රලියානු ලකුණු පුවරුවට එක් කළා.

නවසීලන්ත නායක ටොම් ලේතම් පන්දු යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් 08 දෙනෙකු යොදාගත්ත ද ඒ සෑම පන්දු යවන්නෙකුම දැඩි ප්‍රහාරයන්ට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

කඩුලු දවාගැනීමේ දී ග්ලෙන් ෆිලිප්ස් ඕස්ට්‍රලියානු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 03ක් දවා ගත්තා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 389ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය කොල්කටා හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?