කැනඩා මහ මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂයට හැකියාව ලැබී තිබෙනවා.
මෙවර කැනඩා මහ මැතිවරණයේ ලිබරල් පක්ෂයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ කන්සර්වේටිව් පක්ෂයේ නායක පියරේ පොයිලිවර් මැතිවරණ පරාජය පිළිගැනීමත් සමඟ ලිබරල් පක්ෂ ජයග්‍රහණය තහවුරු වූ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පරාජිත කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් පවසන්නේ මෙවර මැතිවරණයෙන් “දැඩි පාඩම්” ඉගෙන ගෙන ඇති බවයි.
මේ අතර තවමත් ඡන්ද ගණන් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





