AFC Banner
AFC Banner
Empty Ad

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

මෙරට කැනඩා රාජ්‍යයේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා.

එම හමුව අද (13) දින පෙරවරුවේ පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙම හමුව සඳහා මෙරට කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් පැට්‍රික් පිකරින්ද ජාතික ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එක්ව සිටියා.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වුණා.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා වන අනුර කුමාර දිසානායකගේ ඉදිරි කැනඩා සංචාරයට සුබ පැතීමටද එරට මහකොමසාරිස්වරයා මෙහිදී කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?