AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පතල් රසායනික ද්‍රව්‍ය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම් කිංග්ස්ටන් නම් බහලුම් නෞකාවයි.

කැනේඩියානු වෙරළ ආරක්ෂක අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගත් බවයි. තවත් 5 දෙනෙකු ගිනිගනිමින් ඇති නෞකාවේ සිටින බවත්, ගින්න නිවා දැමීම සඳහා ටග් යාත්‍රා සහ හෙලිකොප්ටරයක් යොදවා ඇති බවත්, ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?