Empty Ad
AFC Banner
Empty Ad

කැඩුණු වාහනය හදන්නත් බැරි වෙයි – වාහන අමතර කොටස් මිලත් ඉහලට

මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගෑස් සඟවා ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.

කුරුණෑගල නගරය ඇතුළු තවත් නගර කිහිපයකම ඊයේ ගෑස් හිඟයක් පැවති බවයි පාරිභෝගික ජනතාව සඳහන් කළේ. මේ අතර, වෙළෙදපළේ ඉහළ ගොස් තිබූ වාහනවල මිල ගණන් මේ වන විට යම්තාක් දුරට පහත බැස ඇති බවත්, එය ස්ථාවර මිලක පවතින බවත්, වාහන ආනයනකරුවන් පවසනවා.

 කෙසේ වෙතත්, පාලනය කළ නොහැකි අයුරින් වාහන අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා. ඇතැම් වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් විසින් අසාධාරණ අන්දමින් අමතර කොටස් මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා. 

ඩොලරයේ අගය ඉහළයාම ඇතුළු වෙළඳපල තත්වයන් මත වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අප කළ විමසීමකදී කියා සිටියේ. කෙසේ වෙතත්, මේ වනවිට වෙළදපළෙහි වාහනවල මිල ස්ථාවර වී ඇති අතර, එය යම් සාධනීය තත්වයක් බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් බවත්, පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කළුතරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ජයතිස්ස කාවින්දට හාන්සි වෙන්නම දෙසයි - "ඒක කරේ මම තමයි"
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් වැඩේට බහියි - කයිවාරු ගහන අයට බඩුම තමයි
02:46
Video thumbnail
මඩකලපුව උණුසුම් කළ පිහි ඇ#මේ සිද්ධියේ සැකකරු දැඩි පොලිස් ආර්ක්ෂාව මැදරක්ෂිත බන්ධනාගාරයට
01:20
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:41
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
00:59
Video thumbnail
නලින්ද ජයතිස්සට හොඳටම ඇමතූ - වෛද්‍ය චමල් සංජීව
07:51
Video thumbnail
මැදිරිගිරිය මහින්ද ජාතික පාසලේ ලොකු වලියක් - දෙමව්පියෝ - ඩෙගා නටයි...
03:36
Video thumbnail
දියතලාවට ලොකු හරක් කරදයක් - බලධාරීන් කෝ - තවමත් බුදිද ?
03:44
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීම මතක් කරපු ජනපති
00:56

?