AFC Banner
Empty Ad
Empty Ad

කැකිරාව මූලික රෝහලටත් වනඅලි තර්ජන

කැකිරාව නගරයේ පිහිටා ඇති කැකිරාව මූලික රෝහල් භූමිය මේ වන වන අලි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසටද ජීවිත අවධානමකට ලක්ව ඇතැයි එම රෝහල් බලධාරීන් පවසනවා.

රෝහලට පවතින මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් කැකිරාව මූලික රෝහලේ වෛද්‍ය අධීකාරී අශෝක සෙනවිරත්න පවසා සිටින්නේ, මෑතකදී සිට රාත්‍රී කාලයේදී රෝහල් පරිශ්‍රයට වන අලි කඩා වැදීම සිදුවන බවත් එම හේතුවෙන් කාර්යමණ්ඩලය මෙන්ම රෝගීන්ද අවධානමට ලක්ව ඇති බවයි.

රෝහල් භූමියට කඩා වැදී ඇති මෙම වනඅලින් රෝහල් වාට්ටු සංකීර්ණයටද ඇතුල් වී ඇති බවයි වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ.

මේ වනවිට වන අලි තර්ජනයට ලක්ව තිබෙන ඒ 9 මාර්ගයේ පිහිටා ඇති කැකිරාව මූලික රෝහල් පරිශ්‍රයට යාබදව තවත් රාජ්‍ය ආයතන රැසක් ද පිහිටා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

කැකිරාව මූලික රෝහලට එල්ලව ඇති මෙම වන අලි තර්ජනය සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩිවි ආරක්ෂක කාර්යාලයෙන් පවසා ඇත්තේ, එම ගැටළුවට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?