කාසල්රී හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට (ඡායාරූප)

කාසල්රි ජලාශය වසර තුනකට පසු වාන් දැමීම ආරම්භ වීම නිසා; මේ වනවිට කැලණි ගඟෙහි ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රී හි ජල මට්ටම උතුරා ගොස් වාන් දැමීම ආරම්භ වූ බවට එම ජලාශය භාර ඉංජිනේවරුවරයා ප්‍රකාශ කළ බවයි.

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ වාන් දොරටුවක් අගල් 2 1/2 බැගින් එහි ගේට්ටු 13ක් විවෘත කර ඇති බව ද වාර්තා වනවා.

එම ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමන බවත්, ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වී ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එප්පාවල නගරය ම ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ හේතුවෙන් නගරයේ වෙළෙඳසැල්වල සහ ජන ජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවයි.

1 1 2
2 1 2
3 1 2
4 1 1
5 1 1
rain 3 1
rain 4 1
rain 6
wassa 6
wassa 7
wassa 9
wassa 11
wassa 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15