spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසල්රී හා මවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි – ජල විදුලියට වාසියි (ඡායාරූප)

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

මේ සමග ඊට අදාළ ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතාවෙන් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති බවයි විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසුවේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශ දෙකේ ම ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 2.9 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3ක් වශයෙන් ආසන්න වී ඇති බවත්, ජලාශයන් දෙකේම ජල මට්ටම 95%කට වඩා වැඩි වී ඇති නිසා විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?