කාලි කෝවිල බිඳ රන් සහ මුදල් සොරකම් කරලා

උඩප්පුව ශ්‍රී විරපද්‍ර කාලි අම්මාන් කෝවිලට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමින් යුත් රන් මාල සහ පඬුරු පෙට්ටිය තුළ වූ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙලෙස සොරා ගෙන ඇත්තේ කාලි දෙවියන්ට බැතිමතුන් විසින් පූජා කර ගෙලට දමා තිබූ පවුම් 12කට අධික රන් මාල සහ රනින් සකසා තිබූ කාලි දෙවියන්ගේ නේත්‍රා දෙක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව පඬුරු පෙට්ටිය ද කඩා එහි තිබූ විශාල මුදලක් සැකකරු සොරා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබෙනවා.

මුහුණ ආවරණය කර ගෙන පැමිණි පුද්ගලයෙකු කාලි කෝවිලේ එක් පසක තිබූ කුඩා දොරටුවේ ඉබි යතුරු කඩා අද (14) අලුයම කෝවිලට ඇතුළු වන දර්ශණ CCTV කැමරාවල සටහන්ව ඇතැයි සඳහන්.

උඩප්පුව ශ්‍රී විරපද්‍ර කාලි අම්මාන් කෝවිල උඩප්පුව මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා ඇති අතර පැරණි කෝවිල සම්පුර්ණයෙන් නවිකරණය කර වසර තුනකට පෙරයි විවෘත කර ඇත්තේ.

තමන්ගේ ගැටළුවලට පිළිසරණ පතා උඩප්පුව කාලි කෝවිලට විශාල පිරිසක් නිරන්තරයෙන් පැමිණෙන අතර ඉන් බහුතර පිරිසක් උඩප්පුවේ පදිංචි මේ වන විට කැනඩාව, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල රැකියාවල නිරත වන අය බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සොරකමත් සමග කාලි කෝවිලට ලැදි බැතිමතුන් බරපතල තැති ගැනීමකට ලක්ව ඇතැයි සඳහන්.

මෙම සොරකම පිළිබඳව උඩප්පුව පොලිසියට අමතරව පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22