කාර්මික සේවා දන්සැලක් තිරප්පනේ දී (වීඩියෝ)

තිරප්පනේ ලක්ෂමන් මෝටර්ස් ආයතනය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන කාර්මික සේවා දන්සල අද දවස පුරා තිරප්පනේ නගරයේ දී පැවැත්වෙනවා.

ප්‍රදේශයේ කාර්මික ශිල්පීන් තරුණ ප්‍රජාව හා වැඩිහිටියන් එකමුතු වී මෙම කාර්මික සේවා දන්සල සංවිධානය කර තිබෙනවා.

අනුරාධපුරය මිහින්තලය තන්තිරිමලය පුදබිම් වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන යම් ආපදාවකට ලක් වුවහොත් මෙම කාර්මික ශිල්පීන්ගේ නොමිලේ ලබාදෙන සේවා දායකත්වයෙන් රථ වාහනය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කොට වන්දනාකරුවන් සිය වන්දනාමාන ගමන් සඳහා පිටත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

අද පෙරවරුවේ සිට දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව බොදු බැති සිතින් මෙම මාහැඟි පිංකම සමඟ එක්වී සිටිනවා.

අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුණි මහසෑ තරුණ දම් සභාවේ නිර්මාතෘ, පූජ්‍ය මාතර විජයසීල ස්වාමින් වහන්සේ විසින් පැමිණ සිට පිරිස අෂ්ඨාංශ ශීලයේ පිහිටුවනු ලැබුවා.

අද දවස පුරා මෙත්මුණි සෑ පුදබිමේදී දාන,ශීල,භාවනා ආදී පිංකම් රැසක් සංවිධාන කර ඇති අතර ඒ සියල්ල සජීවිව දැක බලා ගැනීමට දසත ඔස්සේ ඔබට හැකියාව ලැබෙනවා.

සියලු විශේෂ අවස්ථා අද පස්වරු 06.25 ට‌ සුප්‍රීම් දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ගෙන ඒමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?