කාර්මික සේවා දන්සැලක් තිරප්පනේ දී (වීඩියෝ)

තිරප්පනේ ලක්ෂමන් මෝටර්ස් ආයතනය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන කාර්මික සේවා දන්සල අද දවස පුරා තිරප්පනේ නගරයේ දී පැවැත්වෙනවා.

ප්‍රදේශයේ කාර්මික ශිල්පීන් තරුණ ප්‍රජාව හා වැඩිහිටියන් එකමුතු වී මෙම කාර්මික සේවා දන්සල සංවිධානය කර තිබෙනවා.

අනුරාධපුරය මිහින්තලය තන්තිරිමලය පුදබිම් වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන යම් ආපදාවකට ලක් වුවහොත් මෙම කාර්මික ශිල්පීන්ගේ නොමිලේ ලබාදෙන සේවා දායකත්වයෙන් රථ වාහනය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කොට වන්දනාකරුවන් සිය වන්දනාමාන ගමන් සඳහා පිටත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

අද පෙරවරුවේ සිට දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව බොදු බැති සිතින් මෙම මාහැඟි පිංකම සමඟ එක්වී සිටිනවා.

අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුණි මහසෑ තරුණ දම් සභාවේ නිර්මාතෘ, පූජ්‍ය මාතර විජයසීල ස්වාමින් වහන්සේ විසින් පැමිණ සිට පිරිස අෂ්ඨාංශ ශීලයේ පිහිටුවනු ලැබුවා.

අද දවස පුරා මෙත්මුණි සෑ පුදබිමේදී දාන,ශීල,භාවනා ආදී පිංකම් රැසක් සංවිධාන කර ඇති අතර ඒ සියල්ල සජීවිව දැක බලා ගැනීමට දසත ඔස්සේ ඔබට හැකියාව ලැබෙනවා.

සියලු විශේෂ අවස්ථා අද පස්වරු 06.25 ට‌ සුප්‍රීම් දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ගෙන ඒමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06