කාම්බෝජ – තායිලන්ත දේශසීමා ගැටුම් ගැන ශ්‍රී ලංකාවේ කනස්සල්ල

කාම්බෝජ-තායිලන්ත දේශසීමාවේ උද්ගත වී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ජීවිත හානි, සිවිල් වැසියන් අවතැන් වීම සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල පළකර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා නිවේදනයක් නිකුත් කරමින් සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ අවිහිංසාවාදය, කරුණාව සහ සාමකාමී සහජීවනය කේන්ද්‍ර කරගත් බුදු රජාණන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මගින් මග පෙන්වනු ලැබෙන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නිරත වන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !