කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.
ගොවි සංවිධාන නියෝජිතවරුන් මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා හමු වූ අවස්ථාවේදීය.
දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු මේ හමුවට එක්ව සිටියහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













