AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා T20 තරගාවලියේ පළමු ජය බංග්ලාදේශයට

මෙවර T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබන්නට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අද (03) සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවති ස්කොට්ලන්තයට එරෙහිව තරගය ලකුණු 16කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා නිගර් සුල්තනා පළමුව පිතිකරණය තෝරාගත්තා.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 119ක්.

අද තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සොභනා මොස්ටරියි.

ඇය ලකුණු 36ක් ලබාගත්තා.

ශති රානි ලකුණු 29යි.

ස්කොට්ලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සසිකියා හොලෙයි ලකුණු 13කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 120ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකි
වූයේ ලකුණු 103ක් පමණි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමිවූයේ B කාණ්ඩයෙන් පෙරමුණට ද එමින්.

ස්කොට්ලන්තය වෙනුවෙන් යම්තාක් දුරකට හෝ සාර්ථක වූ එකම පිතිකාරිණිය වූයේ සාරා බ්‍රයිස්.

ඇය නොදැවී ලකුණු 49ක් ලබාගත් අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව පසුකර යන්නට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉඩ දුන්නේ නැහැ.

බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී රිටු මොනී ලකුණු 15කට කඩුලු 02ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?