කාන්තා T20 තරගාවලියේ පළමු ජය බංග්ලාදේශයට

මෙවර T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබන්නට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අද (03) සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවති ස්කොට්ලන්තයට එරෙහිව තරගය ලකුණු 16කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා නිගර් සුල්තනා පළමුව පිතිකරණය තෝරාගත්තා.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 119ක්.

අද තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සොභනා මොස්ටරියි.

ඇය ලකුණු 36ක් ලබාගත්තා.

ශති රානි ලකුණු 29යි.

ස්කොට්ලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සසිකියා හොලෙයි ලකුණු 13කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 120ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකි
වූයේ ලකුණු 103ක් පමණි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමිවූයේ B කාණ්ඩයෙන් පෙරමුණට ද එමින්.

ස්කොට්ලන්තය වෙනුවෙන් යම්තාක් දුරකට හෝ සාර්ථක වූ එකම පිතිකාරිණිය වූයේ සාරා බ්‍රයිස්.

ඇය නොදැවී ලකුණු 49ක් ලබාගත් අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව පසුකර යන්නට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉඩ දුන්නේ නැහැ.

බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී රිටු මොනී ලකුණු 15කට කඩුලු 02ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25