කාන්තා වෙස්ගෙන සොරකමේ ගිය අයෙක් කළුතර දී අල්ලයි

කාන්තාවක් ලෙස සැරසී සොරකමේ ගිය පුද්ගලයෙකු කළුතර උතුර පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා දිගු කොණ්ඩයක් වවාගෙන, සාරියකින් සැරසී නිවෙස්වලට හොර රහසේ ඇතුළු වී මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු විසින් නිවෙස්වලින් සොරා ගන්නා ලද රයිස් කුකර්, වතුර මෝටර්, බෆල්, පිත්තල මල්වාස් සහ පිඟන් කෝප්ප ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

තවද සොරකමේ යාම සඳහා කාන්තාවක් ලෙස සැරසීමට යොදාගත් සාරි කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?