කාන්තා වෙස්ගෙන සොරකමේ ගිය අයෙක් කළුතර දී අල්ලයි

කාන්තාවක් ලෙස සැරසී සොරකමේ ගිය පුද්ගලයෙකු කළුතර උතුර පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා දිගු කොණ්ඩයක් වවාගෙන, සාරියකින් සැරසී නිවෙස්වලට හොර රහසේ ඇතුළු වී මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු විසින් නිවෙස්වලින් සොරා ගන්නා ලද රයිස් කුකර්, වතුර මෝටර්, බෆල්, පිත්තල මල්වාස් සහ පිඟන් කෝප්ප ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

තවද සොරකමේ යාම සඳහා කාන්තාවක් ලෙස සැරසීමට යොදාගත් සාරි කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36