AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් 5දෙනෙකු ඇතුළු 15කට එල්ල වූ ප්‍රහාරය

නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකුට පමණ (13) දින බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන්ගෙන් පස් දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව එම වතු යායේ පාලන අධිකාරිය පැවසිය.

අද (13) දින උදැසන 9 ට පමණ තේ දළු නෙලමින් සිටියදි තේ වත්තේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කියා සිටින්නේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, සෙසු තුවාලකරුවන් වතු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?