AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් සවිබල ගැන්වීමේ ප්‍රධාන සැලැස්ම සැකසීමට 2025 දී ජාතික කාන්තා සමුළුවක්

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේ දී කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන් සවිබල ගැන්විම වෙනුවෙන් නව නීති ප්‍රතිසංස්කරණ රැසක් රජය පසුගිය දෙවසර තුළ සිදු කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (13) පැවති කාන්තා සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පලකළා.

මෙරට කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තමා තවදුරටත් කැපවී සිටින බව ද සඳහන් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවන් බව පෙන්වා දුන්නා.

ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තා පරපුරට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කාන්තා සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොඩනැගෙන මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?