කාන්තාවක් සුනඛයෙකුට ගැසූ ඇසිඩ් ප්‍රහාරය CCTV කැමරාවක සටහන් වූ හැටි (වීඩියෝ)

සුනඛයෙකුට ඇසිඩ් ගැසූ කාන්තාවක් අද (18) මුම්බායිහි දී අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

මුම්බායි, මල්වානි ප්‍රදේශයේ පදිංචි ෂබිස්ටා සුහයිල් අන්සාරි නැමති 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණේ.

අදාළ කාන්තාව නවාතැන් ගෙන සිටින මහල් නිවාසයේ පදිංචි තවත් පවුලකට අයත් සුනඛකුට මෙලෙස ඇය විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි තොරතුරු වාර්තාවන්නේ.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුනඛයා ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම සුනඛයා කාන්තාව විසින් සුරතලයට ඇතිකරන බළලා සමඟ සෙල්ලම් කිරීමට ද හුරුවී සිටි බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම අසළ තිබූ සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

එම ආරක්ෂක කැමරා දර්ශනවල දැක්වෙන්නේ කාන්තාව සුනඛයා වෙත පැමිණ ඇසිඩ් වත් කරන ආකාරයයි.

අනතුරුව සුනඛයා වේදනාවෙන් කෑ ගසමින් පළා යන අයුරු එහි පටිගත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
5
+1
21
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?