කාන්තාවක් සුනඛයෙකුට ගැසූ ඇසිඩ් ප්‍රහාරය CCTV කැමරාවක සටහන් වූ හැටි (වීඩියෝ)

සුනඛයෙකුට ඇසිඩ් ගැසූ කාන්තාවක් අද (18) මුම්බායිහි දී අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

මුම්බායි, මල්වානි ප්‍රදේශයේ පදිංචි ෂබිස්ටා සුහයිල් අන්සාරි නැමති 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණේ.

අදාළ කාන්තාව නවාතැන් ගෙන සිටින මහල් නිවාසයේ පදිංචි තවත් පවුලකට අයත් සුනඛකුට මෙලෙස ඇය විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි තොරතුරු වාර්තාවන්නේ.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුනඛයා ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම සුනඛයා කාන්තාව විසින් සුරතලයට ඇතිකරන බළලා සමඟ සෙල්ලම් කිරීමට ද හුරුවී සිටි බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම අසළ තිබූ සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

එම ආරක්ෂක කැමරා දර්ශනවල දැක්වෙන්නේ කාන්තාව සුනඛයා වෙත පැමිණ ඇසිඩ් වත් කරන ආකාරයයි.

අනතුරුව සුනඛයා වේදනාවෙන් කෑ ගසමින් පළා යන අයුරු එහි පටිගත වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42