කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පැහැරගෙන යද්දී හයක් මාට්ටු

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

මුදල් ආරවුලක් මුල් කරගෙන මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අයවලුන් බවයි වාර්තා වන්නේ.

පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් අතර සිටින එක් අයෙකුගේ පෙම්වතිය විසින්, අදාළ යුවළ සේවයකරන මූල්‍ය ආයතනයේ ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් සහ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණා.

මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඔහුන්ට තර්ජන ඇති බවට දෙමටගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර පිටව යාමේදී ඔවුන් දෙදෙනාව පැහැරගැනීමට ලක්වීම විශේෂත්වයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන්නන්.

පැහැරගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමට‍ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22