spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පැහැරගෙන යද්දී හයක් මාට්ටු

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

මුදල් ආරවුලක් මුල් කරගෙන මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අයවලුන් බවයි වාර්තා වන්නේ.

පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් අතර සිටින එක් අයෙකුගේ පෙම්වතිය විසින්, අදාළ යුවළ සේවයකරන මූල්‍ය ආයතනයේ ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් සහ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණා.

මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඔහුන්ට තර්ජන ඇති බවට දෙමටගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර පිටව යාමේදී ඔවුන් දෙදෙනාව පැහැරගැනීමට ලක්වීම විශේෂත්වයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන්නන්.

පැහැරගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමට‍ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?