AFC Banner
AFC Banner
Empty Ad

කාන්තාවක් පැදවූ යතුරුපැදියට වෙට්ටු දමා හප්පන්න හැදූ මොටෝරියට වෙඩි

යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවක් සහ දරුවෙකු ව අනතුරකට ලක් කර පලා ගිය මෝටර් රථයකට කඩුවෙල පොලිසිය වෙඩි තබා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (10) අලුයම් කාලයේ දී කාන්තාවක් සහ දරුවෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට දී තවත් මෝටර් රථයකින් එම යතුරුපැදිය ලුහුබඳිමින් යතුරුපැදියේ ගැටීමට සලස්වා කිහිපවිටක් ම අනතුරක් සිදු කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

එම කාන්තාවගේ විලාප නැගීම හමුවේ කඩුවෙල පොලිස් නිලධාරීන් පොලිසිය ආසන්නයේදීම මෝටර් රථයට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් මෝටර් රථය පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?