ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් හෙට වැඩ වර්ජනයක – දොස්තරලාගේ තීරණය අද

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (01) දිනයේ දී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වරාය, තෙල්, විදුලි, බැංකු, ගුරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වැඩ වර්ජනය සඳහා සහාය දැක්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ දී කොළඹ දී පැවැත් වුණා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට සහාය දක්වනවා ද නැද්ද යන්න තීරණය අද (28) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයත් සමඟ අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනතාවට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තිය සංගම් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?