ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමනට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම උදෙසා 2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 07ක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය හා පාර්ලිමේන්තුවේ ‘ආර්ථික අර්බුදය බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම ද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව, නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා පසුගිය මස 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණා.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එකී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්චාවේ දී ප්‍රකාශයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්.."159 හුන්ඩුවට දාලා සේරුගාලා වන්ඩුදාලා තම්බලා ගන්න ඕනි"
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17