AFC Banner
AFC Banner
Empty Ad

ක්වින්ටන් ඩී කොක් ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන් ඉවතට

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වන ක්වින්ටන් ඩී කොක් ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයෙන් පසු එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහු 2024 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර දෙකකටත් අඩු කාලයකදී ඩී කොක් එක්දින තරග රටාවෙන් ඉවත් වීමට හදිසි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් හේතුවක් සඳහන් කර නොමැති වීමද විශේෂත්වයක්.

30 හැවිරිදි වියේ පසුවන ඩී කොක් 2013 දී එක්දින වරම් හිමිකර ගත අතර, මේ දක්වා කාලය තුළ ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 140කට සහභාගි වී තිබෙනවා.

වමතින් පිත්ත හසුරුවන මෙම ආරම්භක පිතිකරුවාගේ නම ඉදිරියේ එක්දින ලකුණු 5966ක් ලියවී ඇති අතර, එහි සාමාන්‍ය 44.85ක් ලෙසයි දැක්වෙන්නේ.

“ක්වින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇත්තෙන්ම හොඳ සේවකයෙක්” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ඉනොක් න්ක්වේ, ඩී කොක්ගේ එක්දින සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ (05) නම්කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
3
+1
16
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?