ක්වින්ටන් ඩී කොක් ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන් ඉවතට

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වන ක්වින්ටන් ඩී කොක් ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයෙන් පසු එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහු 2024 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර දෙකකටත් අඩු කාලයකදී ඩී කොක් එක්දින තරග රටාවෙන් ඉවත් වීමට හදිසි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් හේතුවක් සඳහන් කර නොමැති වීමද විශේෂත්වයක්.

30 හැවිරිදි වියේ පසුවන ඩී කොක් 2013 දී එක්දින වරම් හිමිකර ගත අතර, මේ දක්වා කාලය තුළ ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 140කට සහභාගි වී තිබෙනවා.

වමතින් පිත්ත හසුරුවන මෙම ආරම්භක පිතිකරුවාගේ නම ඉදිරියේ එක්දින ලකුණු 5966ක් ලියවී ඇති අතර, එහි සාමාන්‍ය 44.85ක් ලෙසයි දැක්වෙන්නේ.

“ක්වින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇත්තෙන්ම හොඳ සේවකයෙක්” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ඉනොක් න්ක්වේ, ඩී කොක්ගේ එක්දින සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ (05) නම්කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04