Empty Ad
AFC Banner
Empty Ad

‘ක්ලීන් ශ්‍රී ලංකා’ නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ වුණා.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමඟ එක්ව සිටිනවා.

ඒ, අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ, අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීම ද මෙහිදී සිදුවුණා.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමඟ එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක් ද හඳුන්වාදී තිබීම විශේෂත්වයක්.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

මෙතෙක් පැවතී සියලු රජයන් විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එය කෙතරම් දුරට සාර්ථක වූවා ද යන්න ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් බැවින් මෙම වන වගා ව්‍යාපෘතිය ද ඉදිරියේ දී තිරසර ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව සඳහන් කළා.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ හරිත නගර සංකල්පය සමඟ අද නාගරික වනාන්තර පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති බවයි.

එම අරමුණු යථාවත් කර ගැනීමේ දී ජනතාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවට වගකීම් පවරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව පැවසුවා.

එසේම අද තිරසර පරිසර පද්ධතියක් වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක ද මීට එක්ව සිටි අතර, නාගරීකරණය සමඟ එක් පසෙකින් ජීවිතය පහසු වන විට, අනෙක් පසින් බොහෝ දේ අහිමි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැනි නාගරීකරණය සමඟ ඇති වී ඇති අහිතකර ප්‍රතිවිපාකයන්ට අද අපේ රටට ද මුහුණ දීමට සිදුව තිබෙන අතර, ඊට විසදුම් සෙවීමේ දී මෙවන් නාගරික වනාන්තර ව්‍යාපෘති ඉතා වැදගත් බව ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?