ක්ලබ් වසන්ත වෙනුවෙන් නුවරඑළිය ජනතාවගෙන් ශෝක සටහන් (ඡායාරූප)

අතුරුගිරියේ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්තගේ අභාවයට ශෝකය පළ කරමින් ඔහුගේ උපන්ගම හා දේශපාලන කටයුතු සිදු කළ නුවරඑළියේ ස්ථාන කිහිපයක අවමංගල සැරසිලිවලින් සරසා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නුවරඑළිය නගර මධ්‍යයේ සේ ම ඇතැම් නගරබද සාප්පුවල ද මෙම ශෝකී සටහන් පළ කර ඇති බවයි.

ඉකුත් 08 වැනි දින ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාවේ දී සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ සන්හිල් වසන්ත නැතහොත් කැරකෝ වසන්ත, ක්ලබ් වසන්ත යන අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ අභාවය වෙනුවෙන් මෙම ශෝකී පණිවිඩ සහ සැරසිලි සිදු කර තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රභූවරුන්ට සහ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා පමණක් සැරසිලි සිදු කිරීමට නුවරඑළිය ප්‍රධාන වට රවුම්වල මෙලෙස අවමංගල්‍ය සැරසිලි සිදු කර තිබීම හා ශෝක පණිවිඩ ප්‍රදර්ශනය කිරීමට නුවරඑළිය මහ නගර සභාව අවසර ලබා දී තිබීම ද විශේෂත්වයක්.

ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නුවරඑළියේ උපන් අයෙකු වන අතර ඔහු 1977 වසරේ නුවරඑළිය අප ස්වාමිඳුගේ ප්‍රාථමික පාසලේ අධ්‍යාපන ලබා ඇති අතර ඉන් අනතුරුව 1982 වසරේ සිට ද්විතීයික අධ්‍යාපනය නුවරඑළිය ගාමිණී ජාතික පාසලට ඇතුළත්ව 1988 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිට තිබෙනවා.

අපොස. උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා උසස් පෙළ හදාරන කාල වකවානුව තුළ ම ඉතාම ප්‍රාථමික අයුරින් ආරම්භ කළ සිය ව්‍යාපාරය සන්හිල් හෝටලය පවත්වාගෙන යමින් 2002 වසරේ නුවරඑළිය මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණු අපේක්ෂකයෙකු ද වනවා.

මැතිවරණ පරාජයත් සමඟ නුවරඑළියේ ව්‍යාපාරයන් කළමනාකරුවන්ට පවරා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර සඳහා නුවරඑළියෙන් පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

නුවරඑළියේ මහජනතාව, ව්‍යාපාරිකයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඔහුගේ ඝාතනය පිළිබඳ සිය ශෝකය පළ කිරීමට කොළඹට ද පැමිණීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ දේහය මහජන ගෞරවය සදහා 12 – 13 දිනයන්හි කොළඹ බෞද්ධාලෝක මාවත පිහිටි පෞද්ගලික ප්‍රභූ මල් ශාලාවක තැන්පත් කර තබා ඇති අතර එය අනිද්දා (13) දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසාන කටයුතු සිදු කිරීමට නියමිතයි.

IMG 20240711 152353
IMG 20240711 152303
IMG 20240711 152321
IMG 20240711 152335
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
9
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40