AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 10 දෙනා දැඩි රැකවල් මැද උසාවියට

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව ඇතුළු සෙසු සැකකරුවන් 10 දෙනා අද (05) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් ව දැඩි පොලිස් ආරක්ෂාව මත අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ බවයි.

ඉකුත් නඩු දිනයේ දී මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නියෝගය පරිදි අද දිනයේ දී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ අතුරුගිරි වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ද ඉල්ලා තිබුණා.

පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී T56 ගිනිඅවිවලින් වෙඩි තබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත ද නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?