ක්ලබ් වසන්ත ඝාතනයට පච්ච කඩේ හිමිකරු ඇතුළු 06ක් අල්ලයි

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ව සැකකරුවන් සය දෙනෙකු මේ වනවිට (09) පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල‍ය සඳහන් කළේ මෙම සැකකරුවන් අතර ටැටූ කඩයෙහි හිමිකරු ද සිටින බවයි.

ඊයේ පෙරවරුවේ අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පුවක ඉහළ මහලේ මෙම වෙඩි තැබීම සිදු වුණා.

පෙරවරු 10ට පමණ අදාළ වෙඩි තැබීම සිදු වූයේ සුදු පැහැති කාර් රථයකින් පැමිණි මුඛ ආවරණ දමා හිස් වැසුම් පැළැඳ පැමිණි නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින්.

ඝාතකයින් ටැටූ කඩයට ඇතුල් වී එහි අසුන්ගෙන සිටි මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසට වෙඩි වරුසාවක් එල්ල කළා.

එහිදී සුරේන්ද්‍ර වසන්ත නමැති 53 හැවිරිදි ව්‍යාපාරිකයා රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ අතර; අතුරුගිරිය ප්‍රදේශයේ ම පදිංචි 38 හැවිරිදි නයන වාසල විජේසූරිය නමැති අයෙකු ද කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි වරුසාවට ලක් වූ තවත් සය දෙනෙකු හෝමාගම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර; ඒ අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, ව්‍යාපාරික වසන්තගේ බිරිඳ හා ටැටූ කඩේ හිමිකරුගේ බිරිඳ ද සිටින බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් කේ. සුජීවාගේ ඉණෙන් පහළ කොටසට බරපතළ තුවාල සිදු වූ අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදු කෙරුණු බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මේ වනවිට ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මීට අමතර ව වෙඩි වැදුණු ක්ලබ් වසන්තගේ බිරිඳට ද සැත්කමක් හෝමාගම මූලික රෝහලෙන් සිදු කෙරුණා.

කෙසේවෙතත් ඝාතනයෙන් පසු ඝාතකයින් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථයෙන් අතුරුගිරියේ සිට කඩුවෙල දක්වා පලා ගොස් ඇති අතර; කඩුවෙල – කොරතොට නම් ප්‍රදේශයේ දී වෙනත් වෑන් රියකට ඔවුන් ගොඩවී ඇත්තේ පලා ආ මෝටර් රථය මහ මග අතහැර දමමිනි.

එම මෝටර් රථය ඝාතනය සිදු ව පැය 05ක් ගතවීමට පෙර පොලිස් භාරයට ගැනුණා.

ඉන් පසුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කරමින් ආරක්ෂිත කැමරා දර්ශන භාවිත කරමින් සැකකරුවන් ව සෙවීමේ මෙහෙයුම් ඇරඹූ අතර ඔවුන් පලා ගිය සුදු පැහැති වෑන් රථය ද ඊයේ රාත්‍රී 9ට පමණ බුලත්සිංහල – දෙල්මැල්ල ප්‍රදේශයේ අතහැර ගොස් සිටියදී සොයා ගත්තා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ දී පැවසුවේ මෙම ඝාතනය විදේශයක සිට මෙහෙයවා ඇති බවත්; එය බොහෝ විට මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජි පානි ඉම්රාන් නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් විය හැකි බවයි.

වෙඩි තැබීම් සිදු කළ ස්ථානයේ බිම වැටී තිබී KPI ලෙස සටහන් කර තිබූ පතොරමක් ද පොලිසිය සොයා ගැනුණු අතර එය කංජි පානි ට අයත් යැයි මේ හේතුවෙන් පොලිසිය සැක පළ කරන බව ද වාර්තා වනවා.

කිසිදු සැකකරුවෙකු මෙරටින් පලා ගොස් නොමැති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ගුවන්තොටුපොළ, වරාය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තු සිද්ධිය සිදු වෙලාවේ දී ම දැනුවත් කළ බවත්; සැකකරුවන් හඳුනාගැනීමට ස්වයංක්‍රීය යන්ත්‍රයක් ක්‍රියාත්මක වන බවයි.

එවන් පසුබිමකදියි පච්ච කඩේ හිමිකරු ඇතුළු 06 දෙනෙකු ඝාතනය සම්බන්ධ ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
10
+1
0
+1
8
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29