ක්ලබ් වසන්ත ඝාතනයට පච්ච කඩේ හිමිකරු ඇතුළු 06ක් අල්ලයි

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ව සැකකරුවන් සය දෙනෙකු මේ වනවිට (09) පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල‍ය සඳහන් කළේ මෙම සැකකරුවන් අතර ටැටූ කඩයෙහි හිමිකරු ද සිටින බවයි.

ඊයේ පෙරවරුවේ අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පුවක ඉහළ මහලේ මෙම වෙඩි තැබීම සිදු වුණා.

පෙරවරු 10ට පමණ අදාළ වෙඩි තැබීම සිදු වූයේ සුදු පැහැති කාර් රථයකින් පැමිණි මුඛ ආවරණ දමා හිස් වැසුම් පැළැඳ පැමිණි නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින්.

ඝාතකයින් ටැටූ කඩයට ඇතුල් වී එහි අසුන්ගෙන සිටි මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසට වෙඩි වරුසාවක් එල්ල කළා.

එහිදී සුරේන්ද්‍ර වසන්ත නමැති 53 හැවිරිදි ව්‍යාපාරිකයා රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ අතර; අතුරුගිරිය ප්‍රදේශයේ ම පදිංචි 38 හැවිරිදි නයන වාසල විජේසූරිය නමැති අයෙකු ද කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි වරුසාවට ලක් වූ තවත් සය දෙනෙකු හෝමාගම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර; ඒ අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, ව්‍යාපාරික වසන්තගේ බිරිඳ හා ටැටූ කඩේ හිමිකරුගේ බිරිඳ ද සිටින බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් කේ. සුජීවාගේ ඉණෙන් පහළ කොටසට බරපතළ තුවාල සිදු වූ අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදු කෙරුණු බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මේ වනවිට ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මීට අමතර ව වෙඩි වැදුණු ක්ලබ් වසන්තගේ බිරිඳට ද සැත්කමක් හෝමාගම මූලික රෝහලෙන් සිදු කෙරුණා.

කෙසේවෙතත් ඝාතනයෙන් පසු ඝාතකයින් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථයෙන් අතුරුගිරියේ සිට කඩුවෙල දක්වා පලා ගොස් ඇති අතර; කඩුවෙල – කොරතොට නම් ප්‍රදේශයේ දී වෙනත් වෑන් රියකට ඔවුන් ගොඩවී ඇත්තේ පලා ආ මෝටර් රථය මහ මග අතහැර දමමිනි.

එම මෝටර් රථය ඝාතනය සිදු ව පැය 05ක් ගතවීමට පෙර පොලිස් භාරයට ගැනුණා.

ඉන් පසුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කරමින් ආරක්ෂිත කැමරා දර්ශන භාවිත කරමින් සැකකරුවන් ව සෙවීමේ මෙහෙයුම් ඇරඹූ අතර ඔවුන් පලා ගිය සුදු පැහැති වෑන් රථය ද ඊයේ රාත්‍රී 9ට පමණ බුලත්සිංහල – දෙල්මැල්ල ප්‍රදේශයේ අතහැර ගොස් සිටියදී සොයා ගත්තා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ දී පැවසුවේ මෙම ඝාතනය විදේශයක සිට මෙහෙයවා ඇති බවත්; එය බොහෝ විට මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජි පානි ඉම්රාන් නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් විය හැකි බවයි.

වෙඩි තැබීම් සිදු කළ ස්ථානයේ බිම වැටී තිබී KPI ලෙස සටහන් කර තිබූ පතොරමක් ද පොලිසිය සොයා ගැනුණු අතර එය කංජි පානි ට අයත් යැයි මේ හේතුවෙන් පොලිසිය සැක පළ කරන බව ද වාර්තා වනවා.

කිසිදු සැකකරුවෙකු මෙරටින් පලා ගොස් නොමැති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ගුවන්තොටුපොළ, වරාය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තු සිද්ධිය සිදු වෙලාවේ දී ම දැනුවත් කළ බවත්; සැකකරුවන් හඳුනාගැනීමට ස්වයංක්‍රීය යන්ත්‍රයක් ක්‍රියාත්මක වන බවයි.

එවන් පසුබිමකදියි පච්ච කඩේ හිමිකරු ඇතුළු 06 දෙනෙකු ඝාතනය සම්බන්ධ ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
10
+1
0
+1
8
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?