ක්ලබ් වසන්තගේ දේහයේ අවසන් කටයුතු අනිද්දා

පසුගිය 08 වැනි දා අතුරුගිරිය ද්විත්ව පුද්ගල ඝාතනයට ලක් වූ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (13) දින සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ක්ලබ් වසන්ත යනු සන්හිල් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයෙකු මෙන් ම කාන්තාවන් විදේශීය රටවල්වල රැකියා සඳහා ව්‍යාපාර කටයුතු සිදු කරමින් මෙරට රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.

ඔහුට විවිධ පාතාල කල්ලි නායකයින් සමග සමීප සබඳතා තිබූ බවට ද හෙළි ව තිබෙනවා.

කාලයක් මාකඳුරේ මධුෂ් නමැති දකුණේ පාතාල කල්ලි නායකයා සමග සමීප ව ඇසුරු කළ මොහු 2019 ඩුබායි රාජ්‍යයේ දී කංජිපානි සහ මධූෂ්ව එරට පොලිසියට කොටු කරදීමට ද සහාය පළ කළ අයෙකු ලෙසයි පොලිසියට ලැබුණු ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ.

වසන්තගේ දේහය ජුලි 12 එනම් හෙට දිනයේ උදේ 8.30 සිට රාත්‍රී 10 තෙක් ද, ජූලි 13 සෙනසුරාදා උදේ 8.30 සිට පස්වරු 3 දක්වා ද කොළඹ 08 බෞද්ධාලෝක මාවත ‘ද රෙස්පෙක්ට් හෝම්’ හි පිහිටි ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරුණු ඇති.

පසුව 13 වැනි සෙනසුරාදා සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කෙරෙන බවයි දැනුම්දී ඇත්තේ.

පසුගියදා දුලාන් සංජු නමැත්තෙකු විසින් සිය ටැටූ ආයතනය ආරම්භ කිරීම වෙනුවෙන් ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ වෙත සිදු කරන ලද ප්‍රධාන ආරාධනය මතයි ඔහු එම ස්ථානයට එදින ගොස් තිබුණේ.

එම උත්සව අවස්ථාවේ තවත් ආරාධිතයින් ලෙස මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ ඇයගේ ස්වාමිපුරුෂයා ලෙස පැවසෙන නයන වාසල නමැති 38 හැවිරිදි අයෙක් ද සිටියා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනය තුළට ම පැමිණ ටී56 ගිනි අවි දෙකකින් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීම් සිදු කෙරුණා.

එහිදී වෙඩි උණ්ඩ 09ක් වසන්තට එල්ල වූ අතර ඉන් තුනක් ම එල්ල වී තිබුණේ ඔහුගේ හිසටයි.

ඉන් බරපතළ තුවාල ලැබූ වසන්ත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම කේ. සුජීවාගේ ස්වාමිපුරුෂයා වූ නයන වාසලට ද බරපතළ තුවාල සිදු වූ අතර හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අවස්ථාවේ දී මියගිය බවයි වාර්තා වූයේ.

කේ. සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ 02ක් එල්ල වී ඇති අතර ඉන් බරපතළ හානියක් සිදු ව ඇති බවත් ඇයව සැත්කම් කිහිපයකට භාජනය කෙරුණු බව ද වාර්තා වුණා.

මේ වනවිට ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබනවා.

මීට අමතර ව වෙඩි වැදීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ ද බරපතළ තුවාල සිදු වූ අතර ඇයගේ පපු ප්‍රදේශයට එම වෙඩි උණ්ඩ එල්ල වී තිබුණා.

ඇය ද මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරු පවසන්නේ ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි.

එමෙන්ම ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඇය ද සැත්කමකට ලක් ව ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් ටැටූ ආයතනයේ හිමිකරුට මෙම වෙඩි තැබීමෙන් කිසිදු හානියක් සිදු නොවූ අතර පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ සහ කඩිනම් විමර්ශනවලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනුණා.

ටැටූ ආයතනයේ හිමිකරු පසුව පොලිසිය හමුවේ පවසා තිබුණේ තමන්ට ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන දැනුම්දී නොතිබුණ ද, ආයතනය ගොඩනැගීමට ඩුබායි සිට ලක්ෂ 10ක මුදල් එව්වේ මෙරට ප්‍රබල අපරාධ කල්ලි නායක ”ලොකු පැටී’ බවත්; තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා කළ යුතු ලැයිස්තුව සැකසුවේ ලොකු පැටී බව ද සැකකරු පාපොච්චාරණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර; වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබූ වෙඩි උණ්ඩයක සටහන් කර තිබූ ‘KPI’ නමැති ඉංග්‍රීසි අකුරු තුන හේතුවෙන් මෙම ඝාතනය ප්‍රංශයේ සැඟව සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් ලොකු පැටීගේ අනුදැනුම මත සිදු වූවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එමෙන්ම මෙය දෙපාර්ශ්වය අතර තිබූ පෞද්ගලික මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිදු වූවක් විය හැකි බවට ද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?