ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න රටින් ගියා ද ? (වීඩියෝ)

තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසනවා.

වගකිවයුතු සියලුම නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව තමන් පෞද්ගලික සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි බවයි ඔහු දසත නිවුස් කළ විමසීමක දී සඳහන් කළේ.

පෞද්ගලික සංචාරය අවසන් කරමින් එළඹෙන 20 වැනිදා දිවයිනට පැමිණෙන බව ද ඔහු අප සමඟ කියා සිටියා.

ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ රට අතහැර වෙනත් රටකට පැමිණීමට තරම් ගැටළුවක් තමන්ට නොමැති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?