“ක්‍රීඩකයින්ට ඉහළම ආරක්ෂාව ලබා දීමට පාකිස්තාන රජය පොරොන්දු වුණා” – ක්‍රීඩා ඇමති

පාකිස්ථානයේ එක්දින සහ තුන්කොන් විස්සයි විස්ස තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරට තුළ දී ඉහළම ආරක්ෂාව ලබා දීම සඳහා එරට රජය මඟින් පොරොන්දු වී ඇති බවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම තත්ත්වයට මැදිහත්වීමක් සිදු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු සනත් ජයසූරිය සමඟ සිදු කළ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ජාතික කණ්ඩායමට පාකිස්තානයේ දී ඉහළ ආරක්ෂාවක් ලබා දෙමින් තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට එකඟ වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?