spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහාවන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාරදීම අද (15) සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස්කිරීම සඳහා පත්කළ විනිසුරු චිත්‍රසේන කමිටුව විසින් මෙම නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත සකසා තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත මෙය භාරදීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟින් ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් හරහා පරිපාලනය, පුහුණුව සහ ක්‍රීඩකයන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන නිර්දේශවලට ඇතුළත් වනවා.

ශ් රී ලංකා ක් රිකට් ආයතනයේ නව ව් යවස්ථා page 0001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
71
+1
1
+1
4
+1
2
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?