ක්‍රිකට් වාර්තාව පොත් අලුත් කරමින් වසර 16කට පසු බිඳ හෙලූ වාර්තාව

වසරකදි පාකිස්ථාන ක්‍රිඩකයෙකු එක්දින, පන්දුවාර විස්ස සහ ටෙස්ට් යන අංශ තුනේදීම රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලැබු වේ පාකිස්ථානයේ හිටපු පිතිකරු මොහොමඩ් යුසුෆ් ය.

කෙසේ වෙතත් එම වාර්තාව වසර 16කට පසු බිද හෙලිමට එරට වත්මන් ටෙස්ට් නායක බාබර් අසාම් අද (26) සමත්විය.

තරග 33කදි 2006 වසරේදි මොහොමඩ් යුසුෆ් රැස් කර තිබූ මුළු ලකුණු සංඛ්‍යාව 2435කි. බාබර් අසාම් මෙම වසරේ පැවති තරග 44 කදි ලකුණු 2477ක් මේ වන විට රැස්කරගෙන තිබෙනවා.

2014 වසරේදි තරග 48කට මුහුණ දෙමින් ලකුණු 2868 ලබා ගනිමින් ක්‍රීඩකයෙකු වසරකදි ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්ස තරගවලදි රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාවේ තවදුරටත් ඉහලින්ම පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?