ක්‍රිකට් තරඟයක දී උඩපන්දුවක් රැකීමට යෑමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී, මියගොස් තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ක්‍රිකට් තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසියන් පැවසුවේ.

මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?