කළු ගඟේ පාවී ආවේ දින කිහිපයකට පෙර අතුරුදන් වූ තරුණිය දැයි සැකයක්

බුලත්සිංහල – දෙනිකඩේ මාර්ගයේ ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළු ගඟේ පාවී ආ නාඳුනන මළසිරුරක් හමු වූ බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසන පරිදි ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව පොලිසිය නාඳුනන මළසිරුර ගැන විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙය කාන්තා මළසිරුරක් බවට සැක කරන අතර මීට දින කිහිපයකට උඩ දී ඉංගිරිය පොලිස් වසමෙන් අතුරුදන් වූ තරුණියකගේ මළසිරුරක් බවට පොලිසිය සැක කරනවා.

ඔවුන්ගේ ඥාතීන් ද සිරුර තිබූ ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සිරුර පිහිටි ස්ථානය ඉතාමත් දුෂ්කර ස්ථානයක් වන බැවින් සිරුර එම ප්‍රදේශයෙන් ගොඩ ගැනීම අසීරු වීම මත හොරණ පොලිස් වසමේ වගවත්ත ප්‍රදේශයෙන් එය ගොඩ ගැනීම සඳහා කටයුතු සූදානම් කරන බවයි බුලත්සිංහල පොලිසිය සඳහන් කර සිටියේ.

සිරුර ගොඩ ගැනීමෙන් පසු හඳුනාගැනීම සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?