AFC Banner
AFC Banner
Empty Ad

කළුතර විහාරාධිපති හිමිනමක් සැක කටයුතු ලෙස අපවත් වෙලා

කළුතර, උග්ගල්බඩ මලස්නේ රජමහා විහාරාධිපති පූජ්‍ය පරගස්තොට රේවත හිමියන් සැක කටයුතු අන්දමින් අපත් වී සිටිය දී අද (18) සොයාගෙන තිබෙනවා.

විහාරස්ථානයේ නව ලැගුම් ගෙයි ජනේලයක් අසල ඇදවැටී අපවත්ව සිටිය දී උන්වහන්සේ හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උන් වහන්සේගේ අපවත්වීම සැක සහිත බවට දායක සභාවේ සාමාජිකයකු විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුරකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලට අනුව කළුතර උතුර පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?