කළුතර පොලිස් විද්‍යාලයේ ආධුනික නිලධාරීන් අතර ගැටුමක්

කළුතර පොලිස් විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් කොස්තාපල්වරයෙක් තවත් කොස්තාපල්වරයෙක්ට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ පහරකෑමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාල ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා ශල්‍යකර්මයක් සදහා ද යොමුකර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?