කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තනිව සිටි දරුවෙක් පොලිස් භාරයට (වීඩියෝ)

වැඩිමහල් පුද්ගලයින් පිරිසක් සමග කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දිය නෑමට පැමිණ පසුව රාත්‍රී කාලය තෙක් තනිව සිටි කුඩා පිරිමි දරුවෙකු කළුතර දකුණ පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (17) උදෑසන සිට කළුතර කැලිඩෝ වෙරළ තීරයේ වැඩිමහල් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග දිය නෑමෙන් අනතුරුව සවස එම දරුවා වෙරළ තීරයේ අතරමං කර දමා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

වයස අවුරුදු 11ක් වන මෙම පිරිමි ළමයා කලුතර දුම්රිය ස්ථානය අසල ත්‍රීවිල් රථ රියදුරන් විසින් දකුණු කළුතර පොලිසියට භාර දී තිබෙනවා.

එම දරුවා දකුණු කළුතර පොලිසියට බාරදුන් ත්‍රී රෝද රථ රියදුරන් ප්‍රකාශ කළේ තමන් මෙම දරුවා පිළිබඳව දිනය පුරාම දැඩි අවධානයෙන් සිටි බවයි.

අඳුර වැටී තිබියදීත් මෙම දරුවා කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තනිව සිටිනු දැක නිරන්තරයෙන් විමසිලිමත් වූ අතර බීමත් පුද්ගලයකු දරුවා රැගෙන යාමට උත්සාහ කළ මොහොතේ ත්‍රී රෝද රථ රියැදුරන් දෙදෙනෙකු ඔහු එම පුද්ගලයා ගෙන් මුදාගෙන දකුණු කළුතර පොලිසියට බාර දී තිබෙනවා.

පසුව පොලිසියේ උපදෙස් මත මෙම දරුවාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන කාන්තා හා ළමා කාර්යංශ නිලධාරීන් සමඟ එම දරුවාගේ දෙමාපියන් වෙත බාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

අතරමං ව සිටි දරුවා කළුතර දකුණ උක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

https://www.youtube.com/watch?v=6PuUmd6ADZg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
0
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?