කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තනිව සිටි දරුවෙක් පොලිස් භාරයට (වීඩියෝ)

වැඩිමහල් පුද්ගලයින් පිරිසක් සමග කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දිය නෑමට පැමිණ පසුව රාත්‍රී කාලය තෙක් තනිව සිටි කුඩා පිරිමි දරුවෙකු කළුතර දකුණ පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (17) උදෑසන සිට කළුතර කැලිඩෝ වෙරළ තීරයේ වැඩිමහල් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග දිය නෑමෙන් අනතුරුව සවස එම දරුවා වෙරළ තීරයේ අතරමං කර දමා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

වයස අවුරුදු 11ක් වන මෙම පිරිමි ළමයා කලුතර දුම්රිය ස්ථානය අසල ත්‍රීවිල් රථ රියදුරන් විසින් දකුණු කළුතර පොලිසියට භාර දී තිබෙනවා.

එම දරුවා දකුණු කළුතර පොලිසියට බාරදුන් ත්‍රී රෝද රථ රියදුරන් ප්‍රකාශ කළේ තමන් මෙම දරුවා පිළිබඳව දිනය පුරාම දැඩි අවධානයෙන් සිටි බවයි.

අඳුර වැටී තිබියදීත් මෙම දරුවා කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තනිව සිටිනු දැක නිරන්තරයෙන් විමසිලිමත් වූ අතර බීමත් පුද්ගලයකු දරුවා රැගෙන යාමට උත්සාහ කළ මොහොතේ ත්‍රී රෝද රථ රියැදුරන් දෙදෙනෙකු ඔහු එම පුද්ගලයා ගෙන් මුදාගෙන දකුණු කළුතර පොලිසියට බාර දී තිබෙනවා.

පසුව පොලිසියේ උපදෙස් මත මෙම දරුවාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන කාන්තා හා ළමා කාර්යංශ නිලධාරීන් සමඟ එම දරුවාගේ දෙමාපියන් වෙත බාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

අතරමං ව සිටි දරුවා කළුතර දකුණ උක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

https://www.youtube.com/watch?v=6PuUmd6ADZg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
0
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22