කළුතර උපකාරක පන්ති ගුරුවරයාට ඇප

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

මාස දෙකයි දින 10ක කාලයක් බන්ධනාගාර ගත කර සිටි සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙසටයි කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

සැකකරු කළුතර උතුර, පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඇප කොන්දේසිවලට අමතරව සැකකරුට විදෙස් ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කල මහේස්ත්‍රාත්වරිය ඔහුට සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කළුතර අපරාධ කොට්ඨාශය වෙත වාර්තා කරන ලෙස සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

සැකකරු භාවිතා කල ජංගම දුරකථනය මේ වනවිට පරීක්ෂණ සිදුකරන කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර මාස දෙකකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝගය ලබාදුන්නේ.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අද දින දක්වා බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරු භාවිතා කළ ජංගම දුරකථනයක් භාර දෙනු ලැබූව ද තවත් ජංගම දුරකථන දෙකක් භාවිතා කරන බව සහ සිම්පත විසන්ධි කර එම අංකයෙන්ම නව සිම්පතක් ලබාගත් බව සඳහන් කළත් එය විසන්ධි කර නොමැති බව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව පෙනීයන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ.

සැකකරුට ඇප ලබා දුන හොත් පරීක්ෂණවලට බාධා එල්ලවන බැවින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන් ඇප ලබාදීමට විරුද්ධව කරුණු දක්වා තිබෙනවා.

නඩුව ලබන සැප්තැම්බර් මස 22 වනදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22