ලබන 08 වනදා හෝ 09 වනදා වනවිට අවශ්‍ය ගෑස් තොග වෙළඳපොළට සැපයීමට කටයුතු කරන බවට ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසනවා.
එම සමාගමට අයත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවත්, ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අව්සහ්ය කටයුතු එම සමාගම විසින් සිදුකරගෙන යන බවද දැනුම් දී ඇති බවත් සභාපතිවරයා පැවසුවේ.
මේ අතර වෙළඳපොළේ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ගෑස් සඟවා තබාගැනීමට කටයුතු නොකරන ලෙස වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දෙනවා.
එලෙස ගෑස් සඟවා තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුත් කරන බවයි සභාපතිවරයා ආධාරණය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
15
+1
1
+1
+1
+1
1













