AFC Banner
Empty Ad
Empty Ad

කහවත්තේ කාන්තාවගේ ඝාතනයට බාල දියණිය අල්ලයි

කහවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක් තුළ ඉකුත් 13 වනදා කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සැකපිට ඇයගේ බාල දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) අලුයම අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි කහවත්ත පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තිය රජයේ රැකියාවක නිරත 38 හැවිරිදි අවිවාහක අයෙක් බවයි වාර්තා වන්නේ.

කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසුන්දර මුදියාන්සේලාගේ විනිතා ජයසුන්දර නැමැති 71 හැවිරිදි තිදරු මවක් පසුගිය 13 වනදා ඇයගේ නිවස තුළ දී කපා කොටා ඝාතනය කර තිබූ බවට තොරතුරු වාර්තා වුණා.

මෙම කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, දියණිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට සිය මව කැපුම් තුවාල සහිතව ඝාතනය ලක් සිටි බවයි පොලීසිය පවසා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහවත්ත පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
3
+1
19
+1
7
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?