කහවත්තේ කාන්තාවගේ ඝාතනයට බාල දියණිය අල්ලයි

කහවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක් තුළ ඉකුත් 13 වනදා කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සැකපිට ඇයගේ බාල දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) අලුයම අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි කහවත්ත පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තිය රජයේ රැකියාවක නිරත 38 හැවිරිදි අවිවාහක අයෙක් බවයි වාර්තා වන්නේ.

කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසුන්දර මුදියාන්සේලාගේ විනිතා ජයසුන්දර නැමැති 71 හැවිරිදි තිදරු මවක් පසුගිය 13 වනදා ඇයගේ නිවස තුළ දී කපා කොටා ඝාතනය කර තිබූ බවට තොරතුරු වාර්තා වුණා.

මෙම කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, දියණිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට සිය මව කැපුම් තුවාල සහිතව ඝාතනය ලක් සිටි බවයි පොලීසිය පවසා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කහවත්ත පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
3
+1
19
+1
7
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54