AFC Banner
Empty Ad
Empty Ad

කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .

ඒ අතර එකම පවුලේ  අවුරුදු පහක දියණියක ඇතුළු හත් දෙනකු ද වන බවත් ඔවුන් ඉසුරුපාය  අධ්‍යාපන අමාත්‍යාංශය , විභාග දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත සිව් දෙනකු ද වන බවත් පැවසේ .

මෙම පවුලේ පදිංචි වෑතර  මහා විද්‍යාලයේ සේවයේ නිරත ගුරුවරියක සිය දරු ප්‍රසූතියක්  සඳහා රෝහල් ගත වීමට පෙර ඉකුත් 25 දා  පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය  වී ඇති බවට ඉකුත් 26 දා තහවුරු වී තිබුණි.

ඒ අනුව නිවසේ පදිංචි ආශ්‍රිතයින් එකොළොස් දෙනකු ඉකුත් 26 දා  පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහීදී නිවසේ තවත් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ කියයි .

ඒ අතර ගුරුවරියගේ මව , පියා , සැමියා , සහෝදරයින් දෙදෙනෙකු සහෝදරියක සහ ඇයගේ  අවුරුදු පහක දියණියක වූ බව පැවසේ .

මීට අමතරව කහතුඩුව මංසන්ධියේ පවත්වාගෙන යන පලතුරු වෙළෙඳ සලක සේවකයෙකු, ඇඟලුම් කම්හලක සේවිකාවකට හා තවත් සිව් දෙනකුට ද මෙසේ වෛරසය වෛරසය ආසාදනය වී තිබූ බව වෛද්‍ය ධනුක පතිරාජ මහතා කියයි .

ඔවුන් කහතුඩුව .කිරිවත්තුඩුව හා කුරුදුවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පැවසේ . ඒ අනුව වාර්තා වූ ආසාදිතයකු සේවය කල කහතුඩුව නගරයේ  පිහිටි  පලතුරු වෙළෙඳ සලකට මුද්‍රා තබා නිවාස 10 ක  ආශ්‍රිතයින් විසි දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්  කිරීමට කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයී.කේ .එම් ප්‍රභාත් මහතා ,ඇතුළුව මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන්  පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  ධනුක පද්මරාජ මහතා පැවසීය.

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?