කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .

ඒ අතර එකම පවුලේ  අවුරුදු පහක දියණියක ඇතුළු හත් දෙනකු ද වන බවත් ඔවුන් ඉසුරුපාය  අධ්‍යාපන අමාත්‍යාංශය , විභාග දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත සිව් දෙනකු ද වන බවත් පැවසේ .

මෙම පවුලේ පදිංචි වෑතර  මහා විද්‍යාලයේ සේවයේ නිරත ගුරුවරියක සිය දරු ප්‍රසූතියක්  සඳහා රෝහල් ගත වීමට පෙර ඉකුත් 25 දා  පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය  වී ඇති බවට ඉකුත් 26 දා තහවුරු වී තිබුණි.

ඒ අනුව නිවසේ පදිංචි ආශ්‍රිතයින් එකොළොස් දෙනකු ඉකුත් 26 දා  පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහීදී නිවසේ තවත් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ කියයි .

ඒ අතර ගුරුවරියගේ මව , පියා , සැමියා , සහෝදරයින් දෙදෙනෙකු සහෝදරියක සහ ඇයගේ  අවුරුදු පහක දියණියක වූ බව පැවසේ .

මීට අමතරව කහතුඩුව මංසන්ධියේ පවත්වාගෙන යන පලතුරු වෙළෙඳ සලක සේවකයෙකු, ඇඟලුම් කම්හලක සේවිකාවකට හා තවත් සිව් දෙනකුට ද මෙසේ වෛරසය වෛරසය ආසාදනය වී තිබූ බව වෛද්‍ය ධනුක පතිරාජ මහතා කියයි .

ඔවුන් කහතුඩුව .කිරිවත්තුඩුව හා කුරුදුවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පැවසේ . ඒ අනුව වාර්තා වූ ආසාදිතයකු සේවය කල කහතුඩුව නගරයේ  පිහිටි  පලතුරු වෙළෙඳ සලකට මුද්‍රා තබා නිවාස 10 ක  ආශ්‍රිතයින් විසි දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්  කිරීමට කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයී.කේ .එම් ප්‍රභාත් මහතා ,ඇතුළුව මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන්  පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  ධනුක පද්මරාජ මහතා පැවසීය.

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09