කහටගස්දිගිලිය මාරක අනතුරකින් දැරියකට දිවි අහිමිවෙයි

පුත්තලම – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය, කුඩාපට්ටිය හංදිය ආසන්නයේ දී සිදු වූ අනතුරකින් 12 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් 08 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා.

කාන්තාවක් ධාවනය කළ යතුරුපදියක් ත්‍රිකුණාමලය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී යතුරුපැදිය ධාවනය කළ කාන්තාව සහ එහි ගමන්ගත් ඇයගේ දියණියන් දෙදෙනා බරපතල තුවල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති අතර, එහිදී 12 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කුඩාපට්ටිය සද්ධාතිස්ස මහා විද්‍යාලයේ පැවති ආගමික වැඩසටහනක් අවසන් වී දැරියන් දෙදෙනා ඊයේ (04) සවස සිය මව සමඟ යතුරුපැදියෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී දැරියන් දෙදෙනා ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?